සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්ඩගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ඒ සමග මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සක කෙරෙන එක්කෝටි දස ලක්ෂයක මුදලක් මෝටර් රථයක් හා ජංගම දුරකථන 03 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචි (29 සහ 39) වයස ඇති දෙදෙනෙකු බව පොලීසිය කියයි.
විශේෂ කාර්ය බලකාය විශේෂ මේහෙයුම් ඒකකය II හි පොලිස් සැරයන් මාතර ආරච්චි මහතා ඇතුළු නිලධාරී කණ්ඩායක් කඩවත හා දොම්පේ ප්‍රදේශවල වැටලීම් දෙකක් සිදුකර තිබුණි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 536,මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද එක්කෝටි දස ලක්ෂයක මුදලක්, කාර් රථයක් හා ජංගම දුරකථන 03 සමග පුද්ගලයින් දෙදෙනෙකු මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මහවත්ත චාමරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු බවට කරුනු අනාවරණය වි තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා සැකකරුවන්ත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබේ.
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න