අධික වේගයෙන් සුඛෝභෝගී ජීප් රථයක් ධාවනය කරමින් මහරගම පමුණුව ප්‍රදේශයේදී වාහන හතක් අනතුරට ලක් කර පුද්ගලයකු මරණයට පත් කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ජීප් රථ රියදුරු ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 වෙනි දින දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය නියෝග කළේය.
මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ හොරණ , කුඩා උඩුව, දකුණ උඩුව පදිංචි ජේ එච් ටි ජයසුන්දර (57) නැමැත්තෙකි.
සැකකාර ජීප් රථ රියදුරු ඉකුත්( 29 ) දින නාවින්න දෙස සිට පතිරගොඩ හරහා පොල්වත්ත දෙසට සුඛෝපභෝගී ජීප් රථය අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී පාලනය කරගත නොහැකි ව පමුණුව හන්දිය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයක පිටුපස ගැටීමෙන් අනතුරුව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථ හතරක , තීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී තිබිණි.
සිදු වූ අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 30 ක පුද්ගලයෙක් මරුමුවට පත්වූ අතර තීරෝද රථ රියදුරු බරපතල තුවාල ලැබීය.
සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම , අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරී රිය ධාවනය සහ බරපතල තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්් කෙරිණි.