1914 වර්ෂයේ ආරම්භ කරන ලද මහමෝදර මාතෘ රෝහලේ දරු උපත් සංඛ්‍යාව 2019 වසරේ සිට 2023 වසර දක්වා වසර 05ක කාලසීමාවක් තුළ ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බව එම මාතෘ රෝහලේ දරු උපත් සම්බන්ධයෙන් රෝහල මගින් ජූලි මස 18වන දින විගණනයට නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.
2019 වර්ෂයේ ජනවාරි සිට දෙසැ.31වන දින දක්වා වර්ෂයක් තුළ මහමෝදර මාතෘ රෝහලේ උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 10,366ක් වූ අතර,2023 වර්ෂය අවසානය වන විට උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 7,337 දක්වා පහත වැටී ඇත. 2024 වර්ෂයේ මුල් මාස 06 තුළදඑම රෝහලේ උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 3,303කි.
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙයට දැඩි බලපෑමක් වූ අතර,2022 වර්ෂයේ මහමෝදර මාතෘ රෝහලේ උපත ලැබූ දරුවන් සංඛ්‍යාව 8,333ක් දක්වා පහත වැටී තිබුණි. මහමෝදර මාතෘ රෝහල 2024 වර්ෂයේ මාර්තු 27වන දින සිට කරාපිටිය මහරෝහලට අනුයුක්ත කර අතර, දැනට මහමෝදර රෝහල ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල නමින් නම් කර ඇත. ආර්ථික අර්බුදය සමාජ පරිවර්තනයන් නිසා අලුත විවාහ වූ යුවළවල් සිතන පතන ආකාරය දරුවන් ලැබීම පමා කිරීම ආදී හේතු මේ සඳහා බලපා හැකි බවට උපකල්පනය කළ හැකි බව ජර්මන් ශ්‍රීලංකා මිත්‍රත්ව රෝහලේ අධ්යක්ෂ කේ.ඒ. සෝමරත්න මහතා පවසයි.
චන්දන සමරවික්‍රම