අද්‍ර(25දා) සිට මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ආරම්භ කරන බවත්, ඉදිරි දින කිහිපය තුළ ඒ පිළිබඳ නිවේදනය ඉදිරිපත් කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
අද දිනයෙන් ආරම්භ වෙනවා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම. තැපැල් ඡන්දය සම්බන්ධ නිවේදන ඉදිරියේදී ඔබ වෙත ඉදිරිපත් කරනවා. අද ඉදන් මැතිවරණ නීතිය ආදාළයි. මේ තුළ සහනාධාර බෙදීම සම්පූර්ණයෙන් නවතිනවා.