දළදා වන්දනාවට සහභාගිවන ජනතාව වෙත ස්වභාව ධර්මය පවා දැස් යොමු කරන බව ශ්‍රි ලංකාවේ ආදිවාසිනායක විශ්ව කිර්ති වනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන් පවසයි.
ආදිවාසි නායකවරයා මේ බව පැවසුයේ දළඳා වහන්සේ වෙනුවෙන් මී පැණි සහ විලද පුජා කිරිම සදහා ආදිවාසින් ජනතාව ඊයේ (23) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදීය.
තමන් පෙරේදා දිනයේ මහනුවර ප්‍රෙද්ශයේ සිටි බවත් මහනුවර ආසන්නයේ ප්‍රධාන නගර වලට තද වැසි ඇද වැටෙත් දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් පෝලිම් ගැසී සිටින ප්‍රදේශ වලට වැසි ඇද නොවැටීමෙන් දළදා වහන්සේ ආශ්චර්ය මනාව පැහැදිලි වන බවත් මෙය රටට යහපත් කාලයක් උදාවන බවට පෙර සලකුණක් බවත් වැදි නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ පැවසීය.
ගඩලාදෙණිය ප්‍රදේශයට තද වැසි ඇද වැටුණු බවත් තමන් තෙල්දෙණිය පසුකර යද්දි එම ප්‍රදේශයටද තද වැසි ඇද වැටුණු බවත් මහනුවර නගරයට වැසි ඇද නොවැටුණේ දළඳා වහන්සේ වන්දනා මාන කිරිම සදහා පැමිණි පිරිස් වලට අයපතක් වෙන හෙයින් බවද ආදිවාසි නායකයා පැවසුවේය.
දළදා වහන්සේ ට පූජා කිරීම සඳහා මී පැණි හා විළඳ රැගෙන පැමිණි ආදිවාසි නායකයා එම පූජාවෙන් අනතුරුව දළදා වහන්සේ වැඳපුදා ගත් අතර පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වන්නියලෑ ඇත්තෝ මෙසේද ප්‍රකාශ කළේය.
දළදා වහන්සේ වැඳපුදා ගන්න ලැබීම ජීවමාන බුදුන් වහන්සේ දැක්කා හා සමාන හැඟීමක් ඇතිකරන්නක්. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ මෙරටට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේ උදෙසා මුලින්ම තන්තිරිමලේ දී මී පැණි පූජාවක් කළේ අපේ පිලන් ද නායක ඇත්තෝ. එය වැදි ජනතාවට මහත් ආඩම්බරයක්.
ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මල්වතු අස්ගිරි මහනායක හිමිවරු සහ දියවඩන නිළමේතුමන් අවුරුදු 16 කට පසු දළදා වහන්සේ ජනතාවට දැක බලා ගන්න අවස්ථාව ලබාදීම අගය කලයුතුයි.


