දිවයිනේ අනෙකුත් රෝහල්වල බෙහෙත් වර්ග 42 ක් පමණක් හිඟව තිබියදී මහනුවර ජාතික රෝහලේ බෙහෙත් වර්ග 94 ක් හිඟ වූයේ කෙසේ දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා රෝහල් බලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී සෞඛ්‍ය සම්බන්ධ විෂය ගැන අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ, තමන් කළ සොයා බැලීමේදී දිවයිනේ අනෙකුත් රෝහල්වල උපරිම වශයෙන් පවතින්නේ බෙහෙත් වර්ග 42 ක හිඟයක් පමණක් වුවත් මහනුවර ජාතික රෝහලේ බෙහෙත් වර්ග 94ක හිඟයක් පවතින බවයි.
මෙලෙස මහනුවර ජාතික රෝහලේ වැඩි බෙහෙත් ප්‍රමාණයක් හිඟ වීමට බල පා ඇති හේතු ගැන සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රෝහලේ පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා අඩු බෙහෙත් ප්‍රමාණයක් ඉල්ලුම් කිරීම හෝ රෝහලේම ප්‍රධාන ගබඩාවට අමතරව ඇති කුඩා ප්‍රමාණයේ ගබඩාවල හෝ වාට්ටුවල මෙම බෙහෙත් තිබිය හැකි නිසා ඒ පිළිබඳවද සොයා බලන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
මොහොමඩ් ආශික්