මහනුවර මහ නගර සභාව විසින් කඩකුලි හා ටෙන්ඩර් මුදල් අයකිරිමකින් තොරව සාවද්‍ය ලෙස ලේඛන වෙනස්කර රුපියල් දෙකෝටි,තිස්තුන්ලක්ෂ,පහළොස්දහස් දාහතක (23,315,017) මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකි මුල්‍ය අක්රමිකතාවය ගිණුම්වලින් හෙළිදරව් කිරිමට නගර සභාව මගින් කටයුතු කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. කඩකුලි හා ටෙන්ඩර් මුදලක් අක්රමිකතාවය ගිණුම්වලින් හෙළිදරව් කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
මහනුවර මහනගර සභාව විසින් මේ පිළිබද විගණනයට සදහන්කොට ඇත්තේ මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් මුදල් රෙගුලාසි පරික්ෂණ අවසන් වි නොමැති බවය.
මහනුවර මහනගර සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.