මහනුවර ප්රධාන පාසලක ක්රීඩාංගනයේ ආරක්ෂාව භාරව සිටි ආරක්ෂක නිලධාරියාව එම ක්රීඩාන්ගනයේ ක්රීඩාගාරය තුළදී ඝාතනය කොට තිබියදී හමුවූ බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.
එම ආරක්ෂක නිලධාරියා පන්හිලගේ උපුල් සම්පත්නැමැති 26 හැවිරිදි බණ්ඩාරගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබේ .
ක්රීඩාගාරයට අද (17දා) පාන්දර 05.00ට පමණ පැමිණි පාසලේ සිසුවෙකු ආරක්ෂක නිලධාරියා ඝාතනය කොට ඇති බව දැකීමෙන් පසු විදුහලේ ඉහළ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව සිද්ධිය පොලීසියට දැනුම් දී තිබේ . පුද්ගලික ආරක්ෂක අංශයකින්සේවයේ යොදවා තිබූ මෙම ආරක්ෂක නිලධාරියා කුමන හේතුවක් නිසා ඝාතනය කරන්නට ඇත්දැයි පොලිසිය විමර්ශන සිදු කරයි .
මහනුවර මූලස්ථානපොලිසිය භාර ප්රධාන පොලිස් පරීක්ෂකරසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන්අපරාධ අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න
VIDEO