ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේපැණිදෙනිය තොග ගබඩාවෙන්පෙට්රල් වෙනුවට ඩීසල් බව්සර් ඒවා එම ඉන්ධන පිරවුම්හල්වල පෙට්රල්ටැංකි වලට මුදා හැරීමෙන් එම ඉන්ධන පෙරවුම්හල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටි .
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ක්ෂේත්ර නිලධාරියකු පවසා සිටියේ මේ හේතුවෙන් ගම්පොළ, ගැටඹේ, ගන්නොරුව, මහයියාව සහ තැන්නේ කුඹුර ප්රදේශවල ඉන්ධන පිරවුම් හල් මෙම අකරතැබ්බයට මුහුණ දී ඇති බවයි .
මෙම ඉන්ධන පිරවුම්හල්වලින් රජයේ ආයතන සහ පොලිසියද ඉන්ධන ලබාගන්නා බැවින් පසුගිය හතර වැනිදා සිට රාජ්ය ආයතන සහ පොලීසියද දැඩි අපහසුතාවයකට පත්ව සිටි .
එම ඉන්ධන පිරවුම්හල් පහ මේ වන විට පෙට්රල් බෙදාහැරීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති බවට දැන්වීම් පුවරු ඉන්ධන පිරවුම්හල් අසල ප්රදර්ශනය කොට තිබෙන අයුරු දැකගත හැකිය.
ෂේන් සෙනෙවිරත්න