මහනුවර අධිකරණ සංකීර්ණය තුල බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත අධිකරණ කටයුතු නවතා දමා එහි සියලු කාර්ය මංඩල ඉවත් කර ආරක්ෂක අංශ මගින් විශේෂ පරික්ෂාවක් සිදුකරණු ලැබු බව මහනුවර පොලිසිය පවසයි.
අධිකරණය තුල බෝම්බයක් ඇති බවට හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයක් මත මෙම පරික්ෂාව සිදුකල බව ආරක්ෂක අංශ පවසයි.
මහනුවර පොලිසිය ,මහනුවර නගරසභා ගිනි නිවිම් ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්රක්රීය අංශය ඇතුලු සියලුම ආරක්ෂක අංශ විශේෂ පරික්ෂාවක් සිදු කළත් කිසිදු එවන් පිපිරිමක් කල හැකි යමක් හමු වි නොමැති බවද පොලිසිය පැවැසිය.
අද දිනයේ විභාග කිරීමට නියමිතව තිබු සියලු නඩු කටයුතු මෙම මස 16 වෙනිදා විභාග කිරිමට නියමිත බවත් හෙට දිනයේ සාමාන්‍ය පරිදි අධිකරණ කටයතු සිදු කිරිමට නියමිත බවද අධිකරණ නිලධාරියෙක් පැවසිය. මහනුවර අධිකරණය තුළ පළාත්බද අධිකරණය,මහේස්ත්‍රාත් අධිකරණ ඇතුඵ අධිකරණ 11 ක් ක්‍රියාත්මක වේ.
චමිල් රූපසිංහ/ෂේන් සෙනෙවිරත්න