මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තවදුරටත් බෙදීම් ඇතිව තිබේ. ඒ අනුව විදුලි කප්පාදුවට එරෙහිව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම නඩු කෘත්‍ය ආරම්භ කිරීම වෙනුවෙන් වූ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තමන් නොදන්නා බව සඳහන් කරමින් එම කොමිෂමේ සාමාජිකාවක් වන චතුරිකා විජේසිංහ මහත්මිය සඳහන් කළ බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි
සභාපතිවරය අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙපළක් වන උදේන වික්‍රමසිංහ මහතා හා මොහාන් සමරනායක මහතා මීට පෙර එම ධුරවලින් ඉල්ලා අස්විය. ඉන් අනතුරුව පත්කළ නව සාමාජිකයා වූ ඩග්ලස් නානායක්කාර මහතාද නඩුවට විරුද්ධ බව දැනුම් දී තිබේ.
එසේම නඩු කටයුතුවලින් ඉවත්වල ලෙස ඔවුන් දන්වා ඇති බවත් ඔවුන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
"ඉතාම අසීරු තත්ත්වයක අපි ඉන්නේ. අඛණ්ඩ විදුලි සැපයුමකට අපේ සාමාජිකයනුත් විරුද්ධයි. මේ වගේ මිනිස්සු එක්ක තමයි අපි කටයුතු කරන්නේ."
VIDEO