මහනුවර අවට ප්රදේශවලට අද (13) පස්වරුවේ ඇද හැලුන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කළ බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු තුනක්, අඩි (3') බැගින් ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළට මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 7400 ක පමණ ජල ප්රමාණයක් නිකුත්කරන බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.
මේ හේතුවෙන් පවතින වර්ෂාව අනුව දොරටු විවෘත කරන බැවින් පොල්ගොල්ල වේල්ලට පහළින් වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය
දුම්බර එම්.ආර්. ප්රදීප්