මහ මැතිවරණයට අදාළව ඡන්දය භාවිතා කිරීමේදී මෙවර සුලැඟිල්ල වෙනුවට දඹරඟැල්ල වර්ණවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණෙය කර තිබේ.
ජනාධිපතිවරණයේදී සුලැඟිල්ලේ ගැල් වූ වර්ණ තවමත් තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සබාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
“පසුගිය ජනාධිපතිවරණයේදී උචිත ලකුණ සලකුණු කරනු ලැබුවේ වම් අතේ සුලැඟිල්ලේ. බොහෝ දෙනෙකුගේ තවමත් ඒ ලකුණු කරන ලද ආකාරයෙන් තවමත් තිබෙනවා. ඒ නිසා මෙවර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා වම් අතේ දඹරඟිල්ල උචිත ලකුණ සලකුණු කිරීම සඳහා භාවිතා කරන්නේ.”