ජනාධිපතිවරයාගේ ජනතාවාදී කටයුතු නිසා ජාතික ජන බලවේගයට මහ මැතිවරණයේදී තුනෙන් දෙකකට වැඩි බලයක් අනිවාර්යෙන්ම ලැබෙන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.
අද 03 වනදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ් මහතා මේ බව කීය.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී.ලාල්කාන්ත මහතා තව දුරටත් මෙසේද කීය.
මහ මැතිවරණය වෙනුවෙන් අපට අමුතුවෙන් වැඩ කරන්න ඕන නෑ. ජනාධිපතිවරණය වෙනුවෙන් කර ගෙන ආව වැඩ ටික ඉදිරියට ගෙන යන්නයි තියෙන්නේ. ජනාධිපතිවරයාගේ ජනතාවාදී ක්‍රියාවන් නිසා ජනතාව තුල ඇති වන ප්‍රසාදයත් අපට තියෙනවා. අපත් සමඟ මෙතෙක් සම්බන්ධ වෙලා හිටියේ නැති විශාල පිරිසක් මේ වන විට අපත් සමඟ සම්බන්ධ වෙමින් ඉන්නවා.
ඇත්තම කියනවානම් අපේ රටේ කලින් විපක්ෂයක් තිබ්බේ නෑ. කලින් අපේ මන්ත්‍රීවරුන් තුන් දෙනා තමයි විපක්ෂය. සජිත් ප්‍රේමදාස නාමික විපක්ෂ නායකයෙක් මිස විපක්ෂ නායකකමක් පසුගිය කාලයේවත් කළේ නෑ . නමුත් ඔවුන් තර්කයක් ගොඩ නඟනවා අපිට දීල තියෙන ඡන්දවලට වඩා නොදුන් ඡන්ද ගොඩ විශාලයි ඒ ඡන්ද ටික එකතු කර ගත්තොත් පාර්ලිමේන්තු ඡන්දයේදි ඒ ගොල්ලන්ට දිනන්න පුළුවන් කියලා.
අපට නොදුන් ඡන්ද ඒ ගොල්ලන්ට හම්බ වෙන්නේ නෑ. ඒවා එක එක්කෙනාට බෙදිලයි තියෙන්නේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කුඩේ කුඩු වෙලා දැන් පක්ෂයකුත් නෑ. පොහොට්ටුවත් කුඩු පට්ටම් වෙලා තියෙන්නේ . ඒ නිසා තමයි සමහර පිරිස් දිලිත් ජයවීර එක්කත් එකතු වෙමින් ඉන්නේ. මහනුවර දිස්ත්‍රික්කයෙනුත් කීප දෙනෙක් ගිහින් එකතු වෙලා තියෙනවා. දැන් ඒ ගොල්ල සීසිකඩ වෙලා තියෙන්නේ එහෙම සීසීකඩ වෙච්ච වැඩි පිරිසක් මහ මැතිවරණයේදී අපත් එක්ක එකතු වෙනවා මිස වෙනත් කෙනෙත් ළඟට යන්නේ නෑ.
වංචා දූෂණ හොරකම් හොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය ඇතුළු රාජ්‍ය අංශයම ක්‍රියාත්මක වෙයි. රාජ්‍ය ආයතනවලට තිබුණු බාධා සියල්ල අපි දැන් ඉවත් කරල තියෙනවා.අලුත් බලධාරින් පත් කරල තියෙනවා . ඒ කාර්ය මණඩලය මේ කටයුතු සිදු කරනවා. අභියෝග කරන අයට තව ටික දවසකින් ඒ අයට හිමි තැන ලැබෙයි.
මහ මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් . ඒක තුනෙන් දෙක වෙන්නත් පුළුවන් ඒක ඉක්මලා යන්නක් වෙන්නත් පුළුවන් . ලංකා ඉතිහාසයේ පළමු වතාවට ලංකාවටම ඉන්නේ මහජන නියෝජිතයින් තුන් දෙනයි. පාර්ලිමේන්තුවෙත් වෙන අය නෑ පළාත් සභාවෙත් නෑ. පළාත් පාලන ආයතනවලත් නෑ.
නිතිය ක්‍රියාත්මක කරන්න ඕන ආයතනවලට සම්පුර්ණයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දීල තියෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී නිලධාරින්ට යම් බයක් තිබුණානම් ඒ බය සම්පූර්ණයෙන් අපි ඉවත් කරල තියෙනවා. අපි පත් කරල ඉන්න උසස් නිලධාරින් හරියට වැඩ කරයි කියල විශ්වාසයි. ඒ අයත් ජනතා බලාපොරොත්තු ඉටු නොකරන තත්වයක් තිබුණොත් අපට පැමිණිලි කරන්න. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා. අපේ පෞද්ගලික යාළුවෝ නෑදෑයෝ මේවට පත් කරල නෑ. පත් කරන්න බලාපොරොත්තුවකුත් නෑ. ඒ සම්බන්ධයෙන් අපි තදින් ක්‍රියාත්මක වෙනවා .
පසුගිය කාලයේ ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව කියාගෙන විවිධ තනතුරු නිර්මාණය කරලා කිසිම අදාලත්වයක් නැතිව මේ වගේ වාහන විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ හිතවතුන්ට නිකුත් කරල තියෙනවා කාර්ය භාරයක් නැති තනතුරු තමන්ගේ හිතවතුන්ට දීල තියෙනවා. මේවා ජනතාව දැන ගන්න ඕන. ඒ නිසයි මේවා ප්‍රදර්ශණය කරන්නේ. යැයිද කීය.
මොහොමඩ් ආශික්