මහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 64,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
“සමස්ථයක් විදියට ගත්තම පොලිස් නිලධාරීන් ඍජුව 64,000ක් විතර සම්බන්ධ වෙනවා. ඒ වගේම දළ වශයෙන් 70,000ක ආරක්ෂාවක් යොදවනවා. ඒ කියන්නේ 6000ක් පමණ පොලිස් සේවා රාජකාරී වල යොදවලා තිබෙනවා. මීට අමතරව යුධ හමුදාව යොදවලා තිබෙවා පොලිස් ස්ථාන වල 10,000කට ආසන්න සංඛ්‍යාවක්. අවශ්‍යතාවයක් වුණොත් කැඳවීම සඳහා. ඒ වගේම විශේෂයෙන්ම මර්මස්ථාන වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඒ ස්ථාන වලින් ලබා ගැනීම සඳහා යුධ හමුදා නිලධාරීන් යොදවලා තියෙනවා. ”