රුපියල් බිලියන 300 ක වාර්තා ගත බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ සතියේදී සිදුකිරීමට ශ්රී ලංකා මහ බැංකව සූදානම් වෙයි. රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීම මෙන්ම අඩු බදු ආදායම් හේතුවෙන් මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අනුව මාර්තු 13 දා සිදුකරීමට නියමිත භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 180ක් උපයා ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරයි.
එහිදී 2024 නොවැම්බර් කල් පිරෙන පරිදි රුපියල් බිලියන 70ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට නියමිතය. 2027 මැයි 01 දින කල්පිරෙන පරිදි රුපියල් බිලියන 110ක භාණ්ඩාර බැඳුම්කර නිකුත් කිරීමට නියමිතය.
එසේම මාර්තු 15 දා සිදුකිරීමට නියමිත භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හරහා ශ්රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 120ක් වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
එහිදී දින 91කින් කල් පිරෙන පරිදි රුපියල් බිලියන 50ක්, දින 182කින් කල් පිරෙන පරිදි රුපියල් බිලයන 35ක්, දින 364කින් කල්පිරෙන පරිදි රුපියල් බිලියන 35ක් මේ හරහා රැස් කර ගැනීමට ශ්රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මෙම වෙන්දේසිය අවම වශයෙන් රුපියල් මිලියන 5කින් ආරම්භ කළ යුතු අතර ඉන් අනතුරුව රුපියල් මිලියනය බැගින් වෙන්දේසියට ඉදිරිපත් විය හැකිය.
මේ අතර පසුගිය 8 වැනිදාද ශ්රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 85ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නිකුත් කිරීමට කටයුතු කෙරිණි.