අද (05) රැස්වීමට නියමිත පාර්ලිමේන්තුව 07වැනිදා දක්වා දින 3ක් රැස්වීමට සැලසුම් කොට තිබෙනවා. එහිදී අද විශේෂ සිදුවීම් දෙකක් සිදුවන බව වාර්ථාවනවා.
ඉන් පලමුවැන්න නම් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යොජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ඒ්මට තීරණයකොට ඇත.
එසේම සිය කාර්ය මණඩලයේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධව කරැණු වීමසීම සඳහා, මහබැංකු නීළධාරීන් අද පැවැත්වෙන පක්ෂනායක රැස්වීමට කැඳවීමටද තීරණය කොට ඇත. ආර්ථික අර්බුධයක් පවතින මෙවන් අවස්ථාවක, මේලෙස රාජ්‍ය ආයතනයක වැඩුප් වැඩිවීම පිළිබඳව, මෙය රටේ පොදු මහජනයා අතර දැඩි කථාබහට ලක්වූවක්ද විය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය