සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් නියෝජයන කරන්නැයි යන පිරිසක් කොළම කොටුව දුම්රිය ස්ථානය අදළ පවත්වන ලද උද්ඝෝෂණයේ නිරතවූවන් අතරින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස මහ බැංකු අධිපති දන්වා තිබුණත් ඔවුන් එම සාකච්ඡා සඳහා එක්නොවූ බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.
දේශීය ණය ප්‍රශස්තකරණය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදුවන්නේ යැයි කියන බලපෑමට විරෝධය දැක්වීමට මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. කෙසේ වෙතත් සාකච්ඡාව සඳහා ඔවුන් එක් නොවීම නිසා සේවක ආර්ථසාධක අරමුදලට පසුගිය කාලයේදී ලබාදුන් ප්රතිලාභ ලබාදෙන්නේ කෙසේදැයි හා අරමුදල සුරක්ෂිත වන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔවුන්ට තිබූ අවස්ථාව මග හැරී ගිය බව මහ බැංකුව නිවේදනය කරයි.
මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්....
2023 අගෝස්තු මස 28 වන අද දින, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් නියෝජනය කරන්නන් ලෙස දක්වමින් යම් පිරිසක් විසින් දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළින් සේවක අර්ථසාධක අරමුදලට සිදු වන්නේ යැයි කියනු ලබන බලපෑමට විරෝධය පාමින් පවත්වන ලද උද්ඝෝෂණය අතරතුර, ඔවුන් විසින් කොටුව පොලීසිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීමට එකඟ වෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අද දිනම පස්වරු 2.30 ට එම පිරිස නියෝජනය කරමින් පස්දෙනෙකුට එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණෙන ලෙස කොටුව පොලීසියේ නිලධාරීන් මඟින් දැනුම් දෙන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාකච්ඡාව ලබාදීමෙන් පසුව එම පිරිස විසින් කොටුව පොලීසියේ නිලධාරීන් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දන්වා සිටින ලද්දේ අද දින එම සාකච්ඡාව සඳහා ඔවුන්ට සහභාගි විය නොහැකි බවයි. ඒ අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සහ ඒ තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දැනට පවතින ශේෂය සුරක්ෂිත වන්නේ කෙසේද, සහ ඉදිරි වසර කිහිපය තුළ අවම වශයෙන් පසුගිය වසරවලදී ලබා දුන් ප්රතිලාභ දේශීය ණය ප්‍රශස්තකරණය තුළින්ද ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබූ පිරිසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් කරුණු පැහැදිලි කරගැනීමට තිබුණු අවස්ථාව මඟ හැරිණි