හොරණ සව්ගස් හන්දිය නියෝජිත ආයතනයකට අද (1) පස්වරුවේ තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 39 1/2 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි
පස්වරු 2.45 ට පමණ යතුරුපැදියකින් පැමිණ තිබූ කොල්ලකරුවන් දෙදෙනා දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලට ඇතුළු වී කාර්යාලයේ මේසය මත තිබූ මුදල් මෙලෙස කොල්ලකා ඇතැයි පොලිසිය කියයි
මුදල් අයකැමීවරිය සහ මුදල් එකතු කරන පුද්ගලයා එම අවස්ථාවේ කාර්යාලය තුල සිට ඇති අතර ඔවුන් මුදල් බැංකු ගත කිරීම සඳහා පිළියෙල කරමින් සිටියදී කොල්ලකරුවන් දෙදෙනා ගොඩනැගිල්ල තුළට කඩා වැදි කාර්යාලයේ දොර වසා තිබූ බැවින් අත
දරා සිටි මන්නයෙන් වීදුරුවට කඩා බිඳ කාර්යාලයට ඇතුළු වී ඇති බව පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොල්ලය සඳහා කොල්ලකරුවන් පැමිණ ඇත්තේ යතුරුපැදියේ අංක තහඩු වසාගෙන බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොල්ලය සිදු කිරීමෙන් අනතුරුව කොල්ලකරුවන් මොරගහහේන දෙසට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
කොල්ලකරුවට ඇත්තඩංගුවට ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කෙරේ.