ඇතැම් ප්රදේශවල මාළු සිල්ලර මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන අතර, මීට සාපේක්ෂව මස් වර්ගවල මිලද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. මේ අනුව රු.500-800 අතර මිලකට පසුගිය දිනවල අලෙවි වූ හුරුල්ලෝ කිලෝවක් රු.1300දක්වා ඉහළ ගොස් තිබේ.
අනෙකුත් මාළු වර්ගවල සිල්ලර මිල ගණන් මෙසේය.සාලයා කිලෝවක මිල රු. 850යි. ලින්නා රු. 1350යි. බලයා රු. 2100යි. තෝරා රු. 3200යි. පරා රු. 3500යි. කෙලවල්ලා රු. 3100 යි.මෝරා රු. 3200යි. ගල් මාළු රු. 3200යි. ඉස්සෝ (පොඩි) රු.1400යි.කකුළුවෝ රු. 1900යි. ඇටවල්ලා රු. 1400යි. හැඩැල්ලා රු. 2000යි. කුම්බලාවා රු. 1500යි. බෝල්ලෝ රු. 1500යි.
ඊයේ දිනයේදි ෆ්රෙස් කුකුළු මස් (දවස) කිලෝවක සිල්ලර මිල රු.1200යි. කුකුළු මස්(සම සහිත) රු.1100යි. කරි චිකන් මිල රු .1100කි.එළු මස් රු .3300යි. හරක් මස් රු. 2500 යි.