යාපනය මුරසවිල් ප්‍රදේශයේ මව් කිරි හිරවීමේ හේතුවෙන් මාස තුනහමාරක පමණ දැරියක් ඊයේ (19) සවස මියගොස් ඇතැයි ඡාවකච්චේරි පොලිසිය පවසයි.
මව විසින් සිය බිළිඳියට මව්කිරි ලබා දෙන අතරතුරුවිය බිළිඳිය සිහසුන්වීම හේතුවෙන් එම අවස්ථාවේම චාවකච්චේරි රෝහල වෙතට රැගෙන යාමට පියවර ගත්තද රෝහලට රැගෙන යන විටත් බිළිඳිය මිය ගොස් සිටි බවට චාවකච්චේරි රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටියහ.
මෙලෙස මව් කිරිහිරවීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය මුරුසවිල් උතුර ප්‍රදේශයේ පදිංචි කපිලන් නිවේදා නැමති මාස තුනක් වයසැති බිළිඳියකි.
මියගිය බිළිඳියගේ සිරුර චාවකච්චේරි රෝහලේ තැන්පත් කොට ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමටද නියමිත බව පරීක්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.