මවගේ පාදයෙ ආබාධයකට රැගෙන විත් තිබු දියර වේදනා නාශකයක් පානය කල කුඩා දරුවෙකු එයින් ඇතිවු අධික විෂ හේතුවෙන් මුන්දලම රෝහලට ඇතුලත් කර පසුව හලාවත මහ රෝහලින් කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත රැගෙන යමින් සිටියදී අවාසානාවන්ත අයුරීන් මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙ පදිංචි අවුරුද දෙකයි මාස හතක් වු එස්.ඒ.විනුක මන්දිත් නැමති දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල දරුවා බව කියයි.
ඥාති නිවසකට යාම සදහා මව්පියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදි කුඩා දරුවා කිසිවකුට නොදැනෙ ලෙස උස් ස්ථානයක තබා තිබු මවගේ පාදයට ගෙන ආ දියර සහිත වේදනා නාශකයක් රැගෙන එහි මුඩිය ඉවත් කරමින් සපමින් සිටිනු දුටු පියා එකවර එය උදුරා ගෙන ඉවත් කර ඇති බව කියයි.
මව්පියන් පුතු පරික්ෂා කිරීමේදි අදාල වේදනා නාශක දීයරය පෙවිමක් සිදුවු තහවුරු වි නොමැති නමුත් පාලවිය ප්‍රදේශයෙ ඇති පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයකුට දරුවා පෙන්වා ඇති අතර එහිදි ද වෛද්‍යවරයා පවසා ඇත්තේ අදාල වේදනා නාශක දියරය දරුවා පෙවි නොමැති බවට පෙනි යන බවයි.
නමුත් දරුවා යම් හේයකින් ආසාත්මිකතාවයකට පත් වුවහොත් කඩිනමින් රෝහල් ගත කිරීමටත් දැනුම් දි ඇත.
කෙසේ වෙතත් මෙම මව්පිය යුවල දරුවා රැගෙන මාදම්පේ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම ආසන්නයෙදී එකවර දරුවා ගැහෙමින් යම් රෝගී තත්වයක් මතු කිරීමත් සමග මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බව කියයි.
මුන්දලම රෝහලින් දරුවා පරික්ෂා කල වෛද්‍යවරුන් කඩිනමින් ගිලන් රථ මගීන් හලාවත මහ රෝහලට මාරු කරු යවා තිබු අතර හලාවත මහ රෝහලේදීද දරුවාගේ පැවති අවධානම් තත්වය පරික්ෂා කර වෛද්‍ය කාර්ය මංඩලයක් සමග කඩිනමින් ගිලන් රථ මගින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යැවිමට කටයුතු කර තිබු අතර රෝහලට ආසන්න වෙත්ම දරුවා ගිලන් රථය තුළම අවසන් සුසුම් හෙළා ඇති බව කියයි.
දරුවාගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වු අධිකරණ වෛද්‍ය හා විෂවේද වෛද්‍ය ආයතනයේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරී ජානක පොලොන්වෙල මහතා සිදුකල අතර එහිදි නිගමනය කර ඇත්තේ මෙම මරණය මෙතිල් සැලසිලේල් ශරීර ගතවිමෙන් ඇතිවු සංකුලතාවයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති නිගමනය කර තිබේ.
එම මරණ පරික්ෂණයෙන් පසු දරුවාගේ සිරුර මව්පියන්ට භාර දීම සිදුව තිබුනී.