අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදෙශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යධුරයෙන්ද , මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යධුරයෙන්ද පසුගිය 21 දා ඉල්ලා අස්වී තිබේ.
කෙසේ වෙතත් නැවතත් එදිනම හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙසත් යළි පත් කර ඇත.
මෙම ඉල්ලා අස්වීම්වලට හා නැවත පත්කිරීම්වට අදාළ ගැසට් නිවේදන නිකුත් වී තිබේ. මලික් සමරවික්‍රම මහතා ඉල්ලා අස්වූ තාක්ෂණ පර්යේෂණ අමාත්‍යධුරයේ සුජීව සේනසිංහ මහතා අද වැඩ භාර ගත්තේය.

