ශ්‍රී ලංකික ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කිරීමට උත්සාහ කරන විට ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් තමන් වෙත පුදකළ සහතික පත්‍රය හා සිවිල් සම්මානය ශ්‍රී ලංකා ජනතාවටත් ජීවිතක්ෂයට පත්වූ ප්‍රියන්ත කුමාරටත් පිරිනමන බව මලික් අද්නාන් පවසයි.
ඊයේ පාකිස්තානයේදී පැවැති උත්සවයකදී මලික්ගේ සේවය අගය කිරීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටයුතු කළේය.
එම අවස්ථාවේදී තමන්ට අවශ්‍යවූයේ ප්‍රියන්ත කුමාර මහතා බේරා ගැනීමටත් රටට අත්විය හැකි අපකීර්තිය මග හැරීමට බවත් අද්නාන් සඳහන් කරයි.
එසේම ප්‍රියන්ත කුමාර යටතේ පුහුණුව ලැබූ පාකිස්තාන ජාතිකයන් මේ වන විට විවිධ සමාගම්වල ඉහළ නිලධාරීන් ලෙස කටයුතු කරන බවද මලික් පැවැසීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_dc607c21ed.jpg)