මලාවි රාජ්‍යයේ චිකාන්ගාවා වනාන්තරය ආශ්‍රිතව ඊයේ සිදු වූ ගුවන් යානා අනතුරකින් එරට උප ජනාධිපති සායුලොස් චිලිමා ඇතුළු නව දෙනෙකු මරණයට පත්වූ බව බලධාරීන් පවසයි. අනතුරින් පසුව අද දිනයේදී එම වනාන්තරයේ සිදුකළ දැවැන්ත සෝදිසියේදී අනතුරට ලක් වූ ගුවන් යානායේ සුන්බුන් හමුව තිබේ. මෙම ගුවන් යානය තුළ උප ජනාධිපති චිලිමාට අමතරව මලාවි හි හිටපු ජනපති බිරිඳ වන ෂානිල් සිම්බ්රිද සිටි බව සඳහන් වෙයි. චිලිමා 2014 වසරේ සිට මලාවිහි උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කලේය.