ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයක වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.
අත්තනගල්ල පොලිස් වසමේ ඌරාපොළ, රුවන්වැල්ල පාර, ලිහිණියාගොල්ල ඇළ අසලදී පොලිස් වෙඩි පහරින් මෙසේ මියගොස් ඇත්තේ කල්හාර දිල්ෂාන් නැමති අරලගංවිල පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකරු ඉකුත් .10 දින හම්බේගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබිණි .
අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විශේෂ පරීක්ෂණයක් සඳහා සැකකරු ඌරාපොල ලිහිණියගොල්ල ඇළ ප්‍රදේශය වෙත වෙත රැගෙන ආ අවස්ථාවේ පොලිස් නිලධාරීන් හට පහරදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිසී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදුවීමෙන් තුවාල ලැබූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරියක ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පුෂ්පකුමාර මලවරආච්චි/තිලකරත්න දිසානායක