මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජානක ප්‍රසාද් හෙවත් මර්වින් ජානා නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 17060 ක් මෙන්ම සුඛෝභෝගී මෝටර් රථයක් හා ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බොරලැස්ගමුව දේවාලමුල්ලේ සැකකරුගේ ඥාති නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි
සැකකරුට මේ වන විට මනුෂ්‍ය ඝාතන නඩුවක් මෙන්ම හොරයින් බත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය කියයි.
සැකකරු සිදුකරගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම යුක්තිය මෙහෙයුමත් සමගම නවතා දමා ඇති බවටද තොරතුරු ලිපියේ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව දින 7 ක කාලයක් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
48 හැවිරිදි සැකකරු අත්තිඩිය පැරකුම් මාවත පදිංචිකරුවෙකි
බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වයි