මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමට තවත් බොහෝ දේ කළයුතුව ඇතැයිද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.
ඊයේ (12දා) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
“හිර ගෙවල්වල මරණීය දණ්ඩනය නියම වෙද්දි ඒ මරණීය දණ්ඩනයත් එහෙමම තියාගෙන ඒ අය තවත් අයට කරදර අමාරුකම් ගෙන දෙන විදියට හිරගෙදරදි කටයුතු කරනවා නම්, සංවිධානාත්මක කටයුතු කරනවා නම් ඒ අයට මරණ දඬුවම සාධාරණයි කියන එක තමයි මම ප්‍රකාශ කරන්නේ.”
එසේම ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ට, අපරාධකරුවන්ට සංවිධානාත්මක ආපරාධ සිදුකිරීමට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සහය ලැබෙන බවත්, ඒ පිළිබඳව රටේ දේශපාන අධිකාරිය විමර්ශනයක් කර ඒ හා සම්බන්ධ අයටද නීතිය ක්‍රියාත්මක කළයුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
