මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11දා) මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති ,මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතියද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගතයුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මිනීමැරුම් සහ අපරාධ ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන වැරදි මාධ්‍ය වාර්තා ඇතැම් දේශපාලනඥයන්ද තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවත් පැවසීය.
කෙසේ වෙතත් මිනීමැරුම් සහ ස්ති‍්‍ර දූෂණ ඉහළ යෑමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවිද අද ප්‍රධාන සාධකයන් වී ඇති බවත් මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමවුපියන්ගේද ප්රමුඛ අවධානය යොමු විය යුතු බවත් ප්‍රකාශ කළේය.
යහපත් සහ මතින් නිදහස් රටක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේදී පාසල් දරුවන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ ප්‍රධාන පණිවිඩකරුවන් බවට පත්කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
