මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද (20දා) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.
