මරණ දණ්ඬනය ඉවත් කිරිමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන ආවොත් එයට විරුද්ධව ජතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද (14දා) මහවැලි ඉඩම් හිමියන්ට ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීම සඳහා ඇඹිලිපිටියේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පවැසීය.
මරණ දණඬනය අහෝසි කරන්නේ නම් ශ්‍රී ලංකාව ශිෂ්ඨ රටක් බවට පත් කිරිමට නොහැකි බවත් මරණ දණ්ඩනය අහෝසි කිරිම අපරාධකරුවන්ගේ ජයග්‍රහණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ලෝකයේ නායකයන් මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට කටයුතු නොකිරීමට හේතු වන්නේ ඔවුන්ව ඝාතනයට ලක්වීම හෝ බලයෙන් පහ කිරිමට කටයුතු කිරීම බවත් ජනපතිවරයා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් මරණ දඬුවම ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
අසල්වැසි ඉන්දියාවෙත්, සිංගප්පූරුවෙත් ප්‍රාන්ත කිහිපයක හැර ඇමෙරිකාවෙත් මරණ දඬුවම ක්‍රියාත්මක බව ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
