තම බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කිරිමේ චෝදනාවට මරණ දඩුවම නියම වී සිටි පුද්ගලයෙකු වසර 12 ක කාලයක් පොලීසිය හා අධිකරණය මග හරිමින් සැගවී වැලිගම හේන්වල ප්රදේශයේ විහාරස්ථානයක සිටිය දී සැක පිට අත් අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්ඨාසය පවසයි.
මීටියාගොඩ පොලිස් වසමේ පදිංචි ඔහු 2012 වසරේ මැයි මස 15 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී තම 37 හැවිරිදි බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කර තිබුණි.
ඒ වන විට ඔහු කුරුදු තැලීම රැකියාව ලෙස කරමින් සති කිහිපයකට වරක් නිවසට ගොස් තිබු අතර තම බිරිදට ලැබුණු දරුවා බැලීමට රෝහලට ගිය අවස්ථාවේ දරුවා නොමැති බව දැක ඇති වු සැකයක් හේතුවෙන් බිරිද සමග නිතර නිවසේ දී ආරවුල් ඇති කර ගෙන තිබු බව පොලීසිය කියයි.
කෙසේ වෙතත් බිරිද ඝාතනය කිරිමේ සිද්ධියට මීටියාගොඩ පොලීසිය ඔහු සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කර තිබුණේය.
වසරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිට ඇති සැකකරු ඇප ලබා මිරිස්ස හේන්වල විහාරස්ථානයකට පැමිණ තිබෙන බව කියති. (IJ)
ක්රිෂාන් ජීවක ජයරුක්