තමන් අසනීප වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්ත ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින බවයි.
කැලණිය විහාරයේ පැවැති ආගමික වතාවත්වලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් සමාජ මාධ්‍ය තුළ පළවන දෑ එතරම් අවධානය යොමු නොකළ යුතු බවත් ඔහු පැවැසීය.
" මම අසනීපයකින් නැත්ද කියලා ඔබලටම බලා ගන්න පුළුවන්. සමාජ මාධ්‍ය තුළ පළවන දේවල් ගැන ඒතරම් අවධානය යොමු කළ යුතු නෑ" යැයි ඔහු පැවැසීය.
ඒසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස තමන් බොහො කල් සිටීමට අපේක්ෂා නොකරන බවත් තරුණ නායකයන්ට අවස්ථාව දිය යුතු බවත් ඔහු ප්‍රකශ කළේය.