තමන් රට අතැර නොයන බවත් වෙන රටක ඉගෙනගෙන ඒම රට අත්හැර තමන් ලංකාවට පැමිණි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මිය පැවැසුවාය.
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව තමන්ගේ රට බවයි.
" මම නම් මේ රට දාලා කොහෙවත් යන්න බලාපොරොතතුවක් නෑ. මේ මගේ රට. අනිත් ඒක මම පුංචි කාලේ ඉදලා වෙන රටක ඉගෙන ගෙන ඒ් ඔක්කොම අත හැරලා මේ රටට ආවේ මේ රට දාල කොහෙවත් දුවන්න නෙමෙයි.
මම මැරෙන්නේ මේ රටේ කවදාහරි. මගෙ තාත්තා ඉපදුනේ මේ රටේ. අපි හොඳ බොදු ගොවි දකුණේ මිනිස්සු. මගේ තාත්තා ඉපදුනේ මේ රටේ. අති පණ්ඩිත හාමුදුරුවරු බිහිවුණ පරම්පරාවකින් අපි ඒන්නේ. මම මේ රටට අයිති කෙනෙක්. මම මේ රටේ.
වැඩකරන මනුස්සයට කවදාවත් මේ රටේ වැඩ කරන්න දුන්නේ නෑ කියලා මේ රටේ මිනිස්සු මතක තියා ගන්න. මම මේ කිසිම දේකට සැලෙන කෙනෙක් නෙමයි. මම ඇත්තටම යකඩ ගැහැණියක් කියා හඳුන්වනවා"
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f8932dcc9d.jpg)