Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
තමා පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පැවති රජයේ මෙන් ම පවතින රජයේ ද වංචා දූෂණ සෙවීමට කොමිෂන් සභා පිහිටෙව්වේ පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව පැවසූ ජනාධිපතිවරයා ජාවාරම්කරුවන්, පාතාලයින්, අපරාධකරුවන් සහ දූෂිතයන් සමඟ තමා සටන් වදින්නේ ද පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බවද පැවැසිය.
පිටකොන්දක් ඇති අය සිදු කළ යුත්තේ විවේචන සිදු කිරීම නොව ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගේ සහ දූෂිතයන්ගෙන් රට ගලවා ගැනීමට ගෙන යන සටනට සහය ලබාදී රට ගොඩනැගීමට එක්වීම බවද ජනපතිවරයා සඳහන් කළේය.
එසේම විවේචන අවශ්‍ය වුවත් එය රට සහ ජනතාව නොමග යවන සහ ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන බරපතළ විවේචන නොවිය යුතු බවත් එම විවේචන කරන සියලු දෙනා පාවා දෙන්නේ අපේ‍්‍රල් 21 ත්‍රස්ත ප්‍රහාරය හමුවේ විරෝධාර රණවිරුවන් ප්රමුඛ සමස්ථ ආරක්ෂක අංශ දිවි පරදුවට තබමින් ඉටුකළ විශිෂ්ට මානුෂික මෙහෙවර බව ද ඔහු කියා සිටියේය.
එබැවින් පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබාගෙන අපේ‍්‍රල් 21 සිදුවීම පිළිබඳ තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22දා) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ,සත්විරු අභිමන් 2019, රණවිරු සුබසාධන ප්රතිලාභ ප්රදානය කිරීමේ උත්සවය අමතමිනි.
තමා සෑම ආගමකටම ගරු කරන නායකයෙකු වන අතර සෑම ආගමික නායකයෙකුටම වන්දනා කරන බවයි. යම් ප්‍රශ්නයක් තිබේනම් ඕනෑම අයෙකුට විවෘතව තමා සමඟ සාකච්ඡා කළ හැකි අතර අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවද එය සිදුකළ හැකි බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
අපේ‍්‍රල් 21 කණගාටුදායක සිදුවීමෙන් මිය ගිය සියලුදෙනා පිළිබඳ තම හදවත් තුළ ඇති වේදනාව එදා මෙන්ම අද දවසේ ද එලෙස ම බවත් එය කිසිදා අමතක කළ නොහැක්කක් බවත් ඔහු පැවැසීය.
අපේ‍්‍රල් 21 ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ජනාධිපතිවරයා පැවැසීය.
අපේ‍්‍රල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත්‍රස්ත සංවිධානය ශ්‍රී ලංකාවෙන් විනාශ කර දැමුවා පමණක් නොව අදාළ සිදුවීමට ඉඩ සැළසුණු සියලු කරුණු පිළිබඳ මේ වන විට අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණ සිදු කෙරෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
popular news
Deepal Nirosh Tuesday, 23 July 2019 11:22 AM
ගරු ඔබතුමාට පිට කොන්දක් තිබෙන බවක් දැන් නම් ටික ටික පේනව. හැබැයි 2015ට පෙර ඔය පිට කොන්ද සඟවගෙන හිටපු නිසයි ඔබතුමාට පොදු අපේකෂයත්වය ලබා ගන්න පුළුවන් වුණේ. ඔ්ක පෙන්නගෙන කට ඉස්සර කර ගත්තොත් ආයි පොදු අපේක්ෂකත්වය ගැනීම නම් බොරු.
Reply : 0 1
shan Tuesday, 23 July 2019 11:41 AM
කීවේ වයිෆ්ද ?
Reply : 0 0
Champa Tuesday, 23 July 2019 01:05 PM
මිනිස්සුන්ට දැන් හිටපු ආණ්ඩුවෙයි ඉන්න ආණ්ඩුවෙයි දුෂණ වංචා ගැන වැඩක් නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය බිය සැක නැතුව ජීවත් වෙන්න පුළුවන් සිංහල බෞද්ධ රටක්. අවුරුදු 10ක් බලයේ හිටපු ආණ්ඩුවේ මහා පරිමාණ වංචා දූෂණ තියෙනවැයි කියලා බලය ගත්ත මිනිහට, අවුරුදු 2ක් යනකොට තමන්ගේම ආණ්ඩුවේ දූෂණ වංචා හොයන්න කොමිෂන් සභා පත් කරන්න වීම දෛවයේ සරදමක්. අගරදගුරුතුමා රටේ නායකයන් කියල කිව්වේ ජනාධිපති අගමැති දෙන්නටම මිසක් එක්කෙන්ක්ට නෙමෙයි. අනිත් එක රටටම එපා කරපු මිනිහෙක් අගැමති කරලා, විපක්ෂයේ ඉන්දැද්දිම හමුදාව සහ යුද්ධය හෑල්ලු කරලා රටටම එපා වෙලා තිබ්බ පක්ෂයක් බලයට ගෙනාපු මිනිහම දැන් ඊට විරුද්ධව වැඩ කිරීමෙන් කොන්දක් තියෙන බව පේන්නේ නැහැ. ජාවාරම්කරුවන්, පාතාලයින්, අපරාධකරුවන් සහ දූෂිතයන් මේ රටට හඳුන්වා දුන්නේ, ඔවුන් ආරක්ෂා කලේ සහ පෝෂණය කලේ යූඑන්පී සහ ශ්‍රී ලංකා ආණ්ඩු. ඒ පක්ෂ දෙකේම හිටපු වර්තමාන ජනාධිපතිතුමා චන්දයක් ළඟ එන කොට ඒවාට විරුද්ධව කතා කිරීම විහිළුවක්. වහල් ආණ්ඩුව ඇමරිකාව එක්ක අත්සන් කරන්න යන ගිවිසුම් නවත්තන්න මොනවාද කරලා තියෙන්නේ? විදේශිකයන්ට රටේ ඉඩම් ගන්න තහනම් කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරන්න කොන්දක් තියෙනවද?
Reply : 8 55
Sriyani Mangalika Tuesday, 23 July 2019 02:43 PM
ජනාධිපතිට පිට කොන්ද තිබුණත් නැතත් අපිට කමක් නෑ. කවුරු හරි මතක් කරන්න එය පරිසර ඇමති කාලේ කුණු ටොන් 27000 ක් ගෙනෙත් තියනවා. රට නෙවෙයි ඒ ගෙන බලන්න. පිට කොන්ද තියන නැති එක ඊට පස්සේ හොයමු. ගොඩක් දවස් ගිහිල්ලත් අමතක වෙලා නිසා ලිව්වේ ඉතා වෙදගත් දෙයක්.
Reply : 0 6
pringika Thursday, 25 July 2019 04:36 PM
ඔබට පිට කොන්දක් තිබෙනවද කියල අතගාල බලන්න. ඔබේ පක්ෂය ඉවරයි. රටත් ඉවරයි. අඩුම තරමේ ඔබතුමාගේ පක්ෂයේ විනයවත් ආරක්ෂා කර ගැනීමට ඔබට පිට කොන්දක් තිබුනානම් පක්ෂයට මෙවැනි ඉරණමක් අත්වෙන්නේ නැහැ.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd