"කතරගම දේවාලයෙන් නෙකරපු සමාජ සේවයක් මම කරන්නේ. මම මේවා සිදුකලේ දේශපාලනයට එන්න නෙවෙයි පක්ෂ විපක්ෂ වල සමහරක් බය වෙලා මම දේශපාලනයට එන්න තමයි මේ වැඩ කරන්නේ කියලා මම කවදාවත් දේශපාලනයට එන්නේ නැ හිීනයකින් වත් මම දේශපාලනයට යන්න කැමති නැ.මම කතරගම දේවාලයේ පරිපාලනයට රජය විසින් පත් කරපු නිළධාරියෙක්. මම එය තෙරුම් ගත්තට සමහරක්ට බැරිවෙලා" යනුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගණසේකර මහතා සදහන් කරන ලදි.
බස්නයක නිළමේ වරයා මේ අදහස් දැක්වුයේ කතරගම හා සෙල්ල කතරගම කඩ සංගම් අතර බස්නායක නිල නිවසේ පැවැති සාකච්ඡාවට එක් වෙමින්ය.
"කතරගම දේවාලය වෙත බැතිමතුන් විශාල ලෙස ආධාර පරිත්‍යාග කරනවා කතරගම දෙවියන් වෙනුවෙන් ඉඩම් වලින් ආදායම් එනවා මම කලේ එම මුදල් වලින් කතරගම ජනතාවට. බැතිමතුන්ට රෝගි ජනතාවට සහනයක් ලබා දීමට දේවාලයේ මුදල් යොදවිමයි.
මේවා බස්නායක නිළමේ ලෙස මට හිතුමනාපෙට කරලා නැ මම බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් පාළනය වන බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ අනුමැතිය මත කරපු සංවර්ධනයන්.
රජයෙන් මා පත් කරලා තියෙන්නේ කතරගම දේවාලයේ පරිපාලන නිළධාරිය ලෙස දේවාලයේ ඉඩකඩම් වල බදු මුදල් එකතු කිරිම. පුද පඩුරු වල ආදායම් රජයට පෙන්නවා දිම පෙරහැර වල් කිරිම. බැතිමතුන් ගේ යටිතල පහසුකම් ලබාදිම. සේවක පිරිස් පාලන කීරිමට බස්නායක නිළමේ රාජකාරිය ට බැදි සිටිනවා.
මම රජය විසින් පත්කල බළධාරියෙක් එය තෙරුම් නෙගත් පිරිස් බයවෙලා මම දේශපාලනයට එයි කිලා.
කතරගම දෙවියෝ කියන්නේ තිරයේ ඇදපු දෙවියකු නෙවෙයි සැබැ ලෙස ජිවමානව වැඩ ඉන්න දෙවියක් උන් වහන්සේට පිං දෙන්න අසරණ රෝගීන්ට අසරණ දරුවන්ට අධ්‍යාපනය ලබාදිම. හිසට වහලක් නැති අයට ගෙයක් හදලා දිම .පිං සිදු වෙන දේවල් මෙයට වසර 05 කට පෙර කතරගම නගරය හා පුජා භුමිය තිබුණු තත්වයත් අද වර්ථමානයේ දියුණු වී ඇති තත්වයත් බලා ගන්න කාටත් පුලුවන්.
මම කතරගම නිළ නිවසේ දිවත් දේවලයේ කිසිදු මුදලකින් බත් කටක් කාලා නැ මගේ මුදලින් හාල් ඇටේ පවා ගෙනත් කනවා. තව මාස කීපයකින් මගේ නිළකාලය ඉවර වෙනවා.එක නිසා බස්නායක නිළයට පොර කන එන්න දගලන පිරිස් මම කරන සමාජ සේවා විවේචනය කරනවා.
මම මට කිසිවක් කර ගෙන නැ පිළිකා රෝහල හැදුවා වගෙම කතරගම රෝහලත් හදලා රෝගීන් ට සෙත සලසවනවා මම කරපු දේවල් ප්‍රයෝජන ගන්නේ කතරගම ජනතාව. අනාගතයට සදා පවතින සංවර්ධන වැඩ ගොඩක් කරලා දෙවියන්ට පිං පමුණුවන්ට හැකිවීම මට සතුටක්. මමවත් මගේ දරුවන්ටවත් මම කරපු සංවර්ධන වැඩ ප්‍රයෝජන ගන්නේ නැ
කතරගම නගරයේ නඩ අල්ලු තැරව්කරැවෝ (තරැණයන්) අද රටවල් වලට යන්න වෘත්තිය පුහුණු කරනවා. කොරියානු භාෂාව පුහුණු පඨමාලා කරනවා. කතරගම පිඩාවිදි තරුණ තරුණියන්ගේ ජිවත්විමට වැඩකලා. කතරගම දෙවියන් ගේ දේවාලයෙන් කතරගම ජනතාවට සේවයක් විය යුතුයි"
කතරගම සන්දිම