රට මුහුණ දෙන අභියෝගය ගැන අවබෝධයක් ඇති බවත් එය සාමූහික ප්‍රයත්නයකින් ජයග්‍රහණය කරවිය යුතු බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු ජාතිය ඇමතීමෙන් ප්‍රකාශ කළේය.
එසේම සාමකාමී බල හුවමාරුවක් වෙනුවෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා පැවැසීය.
මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තනිවම කටයුතු කල නොහැකි බවත් තමන් ඉන්ද්‍රජාලිකයෙක් හෝ මැජික්කරුවෙක් නොවන බවත් ඔහු පැවැසීය.
තමන්ට පැවැරි ඇති වගකීම ඉටුකරන බවත් එය සාමූහික ප්රයත්නයක් ලෙස සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.