පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කුමන වෘත්තියක් නියෝජනය කළද, පාර්ලිමේන්තුව තුළ හැඳින්වීමේදී ආචාර්ය, වෛද්‍ය වැනි එම වෘත්තීන් අනුව හැඳින්වීම ඉදිරියේදී නොකරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන බව සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (17දා) නව කථානායකවරයාට සුබ පතමින් කළ ප්රකාශයේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
“මම යෝජනාවක් වශයෙන් කියන්න කැමතියි, මෙවර මේ ප්රශ්නය මතු වුණු ආකාරයත්, ඒ පසුබිමත් සලකා වගේම, අනෙකුත් කරුණුත් සලකා අපේ මේ මන්ත්‍රීවරුන්ට නම ඉදිරියෙන් තිබෙන ආචාර්ය, මහාචාර්ය වැනි වෘත්තීන් අනුව හැඳින්වීම් ඉදිරියේදී නොකරන ලෙස. කථානායකතුමා වෛද්‍යවරයෙක්.
මේවා වෘත්තීන්. මම හිතනවා මේ සභාවේ ආමන්ත්රණයේදී මේවා සියල්ල අපි ඉවත් කළොත් අපේ නිර්දන පාන්තික දේශපාලනයටත් හොඳයි. මේ පාර්ලිමේන්තුවේ විවිධ වෘත්තීන් කරන අය ඉන්නවා. මහාචාර්යවරයා අදාළ වන්නේ විශ්වවිද්‍යාලයට, වෛද්‍යවරයා අදාළ වන්නේ රෝහලට. මම යෝජනාවක් හැටියට කරනවා අපි මේ සභාව තුළ එකිනෙකාට ආමන්ත්‍රණය කිරීමේදී මේ ඉදිරියෙන් තිබෙන කෑලි ටික ඉවත් කර ගත්තා නම් හොඳයි කියලා.”