හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (12) පයාගල ප්‍රදේශයේ මාර්ගවල සැරිසරන බල්ලන්ට සහ කපුටන්ට බලු කපුටු දානයක් ලබාදුන්නේය.
කළුතර පයාගල පිහිටි හිටපු අමාත්‍ය වරයාගේ කාර්යාලයේ සිය මිතුරන් පිරිසක් සමග එක්ව දානය පිලියෙල කර කුඩා ලොරි රථයකින් රැගෙන ගොස් මාර්ග වල සැරි සැරූ බල්ලන්ට සහ සුනඛයන්ට කැන්ද කොලවල දමා ආහාර ලබාදෙනු ලැබීය.
ඒ අතර තුර මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රී වරයා මෙසේ පැවසීය . "බල්ලන්ට හොදට කල ගුණ මතක තියෙනවා .ආණ්ඩුව තිබ්බත් නැතත් මෙයාල මට හැමදාම නැට්ට වැනුවා. මට පාර්ලිමේන්තු යන්න බැරි උනත් මෙයාල මට නැට්ට වනන බව මම දන්නවා. බල්ලන්ට කල ගුණ මතක තියෙනවා ඒ නිසා මම මේ ප්‍රදේශයේ ඉන්න බල්ලන්ට බලු කපුටු දානයක් දෙනවා" යනුවෙන් පැවසීය .
පානදුර සුමිත් පොතුපිටිය



