සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ නඩුවක් හේතුවෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රඳවා තිබෙන සිර මැදිරිය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත බව වාර්තා වෙයි.
ඊයේ (12දා) කොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ පිරිසක් මෙම පරීක්ෂාව සිදුකර තිබේ. කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයාගේ සිර මැදිරියේ තවත් 43න් දෙනෙක් සිටිති.
ඔවුන්වද පරීක්ෂාවකට ලක්කර ඇති බව වාර්තා වන අතර මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සෑම ඇඳුමක්ම මෙහිදී පරීක්ෂා කර ඇත.
ඊයේ පාර්ලිමේන්තු දිනයක් වූ හෙයින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වී නැවත බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ඔහු ගේ සියලුම ඇඳුම්ද පරීක්ෂා කර සිර මැදිරියට ඇතුළත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥයින් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවෙයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්ද මහතාට සමීප හිතවතුන් පවසා සිටියේ එය විෂය භාර අමාත්‍යවරියගේ අනුදැනුම මත සිදුවූවක් බවයි.
