රාජ්ය බැංකුවක තිබූ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් රාජ්ළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (08) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියෝග කළේය.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරුණි. ඉන් අනතුරුව නඩුව ජුනි මස 17 වනදා යළි කැඳවීමට නියම කළේය.
ඉන් අනතුරුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා මෙම සැකකරු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන හෙයින් ඔහුට අද සහ හෙට (09) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට බන්ධනාගාර බලධාරීන් අවසර දී ඇති බව පැවසුවේය.
ඒ අනුව සැකකරු පාර්ලිමේන්තු රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට බාධාවක් නොමැති බවත් මහෙස්ත්රාත්වරිය සඳහන් කළාය.