බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්රී ලොකුගස්තොට විතාරණගේ චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදුන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
ගරු චමින්ද විජේසිරි මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2024 ජනවාරි 09 වැනිදා සිට බලපැවැත්වෙන බවද මහ ලේකම්වරිය දන්වා තිබේ.
ඒ අනුව, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ ගරු චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව මහලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා ඇත.