යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළු වී නොසන්නුව හැසිරුණ බවට බවට පවසමින් යාපනය, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව එම රෝහල් අධ්යක්ෂ යාපනය පොලීසිය වෙත අද (09දා) පැමිණිල්ලක් සිදුකොට ඇති බව යාපනය පොලීසිය කියයි.
මන්ත්‍රීවරයා රෝහලට පැමිණ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රාජකාරීවලට බාධා වන අන්දමින් හැසිරුණ බවට රෝහල් අධ්යක්ෂ ටී. සත්යමූර්තිමහතා පොලීසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
පොලීසිය පැවැසුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග මන්ත්‍රී රාමාදන් අර්චුනා මහතා බහින් බස් වී ඇති බවයි. මන්ත්‍රීවරයා රෝහල වෙත පැමිණ ඇත්තේ කුමක් සඳහාද යන්න මෙතෙක් අණාවරණය වී නොමැති බව යාපනය පොලීසිය වැඩිදුරටත් පවසයි.