පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය ගැන ලැබුණු පැමිණිලි විමර්ශනයට ගෙන වාර්තා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව තමා සභාගත කරන බවත්, එම වාර්තාව ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසී.
පාර්ලිමේන්තුව අද(21දා) ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මා වෙත ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලී වීරසේකර මහත්මියගේ සභාපතීත්වයෙන් , විජිත හේරත් මහතාගේ සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සාමාජිකත්වයෙන් යුත් මා විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව සභාගත කරමි. තවද මෙම වාර්තාව ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බව දන්වනු කැමැත්තෙමි. ”