නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකුගේ ඥාතියෙකුගේ නිවසේ මෙම ජිප් රථය ගාල් කර තිබු බවත්, ජිප් රථය පොලිස් භාරයට ගන්නා අවස්තාවේ එහි නිතියානුකුල ලියකියවිලි කිසිවක් නොතිබුණි නිසා එය පොලිස් භාරයට ගත් බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.
ජිප් රථයට අදාල සියළුම ලියකියවිලි (13) දින පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් විසින් දැනුම් දුන් බවයි නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.