මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදී පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය නළු රයන් වැන් රෝවන් ඇතුළු තවත් පස් දෙනෙකු අද (04දා) කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්විය.
ඔවුන් අද අලුයම 5.25 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණි.
මෙම පිරිස අතර රයන්ට අමතරව චරිත පත්මන් , වලිපිටියගේ සුරාජ් කාවින්ද්‍ය සිල්වා , පතමෙස්ත්‍රිගේ දිමුතු සුරන්ත පෙරේරා සහ මොහොමඩ් කුතුබ්ඩීන් මොහොමඩ් වසීම්ඩීන් යන අයවූහ.
ටී.ෙකේ.ජී. කපිල

