මධ්‍යම පළාත් තුල මේ වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල හමුදා නිලධාරින් 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වි ඇති බව තහවුරු වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මාතලේ දිස්ත්‍රික්කයේ 4 දෙනෙකුද කොරෝනා ආසාදනය වි ඇති බවට වාර්තා වි ඇති බවත් මින් මහනුවර දැඩි අවධානම් තත්ත්වයක ඇති බවද ඔවුන් ඇසුරු කල ආශ්‍රිතයන් මේ වන විට 300 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අධ්යක්ෂවරයා සදහන් කළේය.
සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මෙසේ පැවසුයේ අද (14) මහනුවරදි පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදීය.
මෙම නිලධාරින් පාතදුම්බර ,මැණික්හින්න කුන්ඩසාලෙ,තාලාතුඹය,ගම්පල,බඹබරදෙණිය හා හසලක ප්‍රදේශවලින් වාර්තාවන අතර ඉන් සමහරුන් දින 2 සිට දින 10 දක්වා තම ගම් ප්‍රදේශවල රැදි ඇති බවත් ඉන් පළමු වටයේ හා දෙවන වටයේ සියලු දෙනාම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් මින් පළමු පෙලේ අයගේ පී සී ආර් පරික්ෂණ සිදුකර පරික්ෂණ වාර්තා ලැබෙන තුරු ගන්නා ආරක්ෂිත ක්‍රියා මාර්ග සියලුම දේ රැගෙන ඇති බවද ඔවුන් හදුනාගෙන නිරෝධායනය කිරිම තුලින් මෙම වයිරසය සමාජයට යෑම වලක්වා ගැනිම සදහා සෞඛ්‍ය අංශ පොලිසිය හා හමුදාව මේ වන විට ක්‍රියා කරමින් සිටින බවද අධ්යක්ෂවරයා පැවැසිය.
පළමු පෙළ පී සී ආර් පරික්ෂණ නෙගටිවු වුවහොත් පවතින අවධානම අඩුවන බවත් කෙසේ වෙතත් සියලු තත්ත්වයන්ට මුහුණ දිම සදහා සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වන විට රැගෙන ඇති බවද සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවැසිය.
කෙසේ වෙතත් ජනතාව පෙර පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලට යොමු වන ලෙසත් පොදු ප්‍රවාහන සේවා පොදු ස්ථාන වල අවශ්‍යතාවයන් මෙය මැඩ පවත්වන තෙක් හැකිතාක් අඩුකර සෞඛ්‍ය අංශ වලට සහයෝගය ලබාදෙන ලෙසත් මෙම ආසාදිතයින් ඇසුරු කල කෙනෙකු සිටි නම් වහාම අදාල සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා එහිදි පැවැසිය.