මධ්‍යම අධිවේගී මාර්ගයේ දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි බෙම්මුල්ල සහ මගලේගොඩ අතර ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීමට හේතුව එම කොටස පෙරලී යාම බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීම පිනිස පරීක්ෂණයක් සිදු කරන බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටස බාර ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මහතා පැවසීය.
මෙම කොන්ක්‍රීට් කොටස් තැබීම සිදු කිරීම 2021 වර්ෂයේදී සිදු කළ බවත් දැනට කඩා වැටීම සිදුව ඇති කොටස පසෙකට පෙරලීමක් වැනි දෙයක් සිදුවීම හේතුවෙන් මෙලෙස කඩාවැටීම සිදුව ඇති බවක් පෙනෙන්නට තිබෙන බවත් අධ්යක්ෂවරයා සදහන් කළේය.
යම් ව්‍යාපෘතියක් දිගු කලක් ඉදිකිරීම් නවතා තැබීම සුදුසු නොවන තත්ත්වයක් බව පැවසූ රත්නායක මහතා , අතරමග නවතා දමා ඇති ව්‍යාප්ති කඩිනමින් අවසන් විය යුතු බවද පැවසීය.
පසුගිය කාලයේ දී දැනට වැඩ නැවතී ඇති මෙම කොටසෙහි තැනින්තැන ඉදිකිරීම්වල කම්බි කොටස් කපා සොරකම් කිරීම් සිදුවීම කොන්ක්‍රීට් කොටසක් පෙරලී යාමට හේතුවුවාදැයි අප කළ විමසීමේදී ව්‍යාපෘති අධ්යක්ෂවරයා සදහන් කර සිටියේ එයද හේතු විය හැකි බවත් ඒ පිළිබඳවද සොයා බලන බවත්ය.