අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු මත්පැන් වර්ග වල නිෂ්පාදන බද්ද හා දුම්වැටි බද්දද 20%කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව විශේෂ අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 206 කින් ඉහළ නංවා ඇති අතර ඉන් අය කෙරෙන නව බද්ද රුපියල් 1,256කි.
මිට අමතරව,
පොල්, තල් හා පදනම් කළ අරක්කු බෝතලයක් සඳහා ද පනවා තිබු බද්ද රුපියල් 224 කින්,
දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 266 කින්,
මධ්‍යසාර ප්‍රතිශතය 4.8% ක් වන බියර් බෝතලයක බදු මුදල රුපියල් 21 කින්,
මධ්‍යසාර ප්‍රතිශතය 8.8% ක් වන බියර් බෝතලයකට පනවා ඇති බද්ද රුපියල් 39 කින්,
වයින් බෝතලයක් සඳහා පනවා තිබු බද්ද රුපියල් 50 කින් (නව බදු මුදල රුපියල් 297කි) ඉහළ නංවා තිබේ.
දුම්වැටි බදු වැඩි කිරීමත් සමග රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක්දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.
මීට අමතරව ,
රුපියල් 85ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක්,
රුපියල් 70ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 80ක්,
රුපියල් 60කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70ක්,
මේ අතර මිලිමීටර් 60ට නොවැඩි, රුපියල් 15කට පැවති දුම්වැටියක් රුපියල් 24ක් දක්වා ඉහළ යනු ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සෑම බීඩියක් සඳහාම රුපියල් දෙකක බද්දක්ද ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වෙයි.