කහටගස්දිගිලිය ඉහළ කංහිදගම වැවේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි. මරණකරුවන් අවුරුදු 24 හා 34 වියේ පසුවූ පොල්ගහවෙල හා පූජාපිටිය පදිංචිකරුවන් වෙයි.
මරණකරුවන් තවත් දෙදෙනෙක් සමග මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඊයේ සවස් යාමයේදී වැවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දි තිබේ.